Tuesday, April 21, 2015

රෑ අදුරෙ
තනි රකින
අදුරු කුළුණු
ගරා වැටුණු
ගොඩනැගිලි
අතරින්
ගොම්මන
අතවන
සියොලග
නිරුවත්
කරන
රෑ කුමාරිකා පුෂ්පයන් ද ...

හෘද සාක්ෂිය
නිරුවත් කර
ප්‍රේමය දින
ගණනට
කුලියට දෙන
ඉහ මොළ කන
කෙල්ලන්ගේත්
කවර නම්
වෙනසක් ද?

- ප්‍රබුද්ධ එම්. විජේසිංහ -

Wednesday, April 15, 2015

පලා යන්න...

උඹට
අවැසි නම්
පිටමන් වීමට
පිටවන්න විගහින්
මගේ හදවතින්
රැගෙන නුඹේ
ලට ලොට්ට හා
ජරා ජීර්ණ නුඹේ
මතකය ද රැගෙන
දුර ඈතකට
යලි නොඑන්නටම
සදහටම...

මගේ හදවත
අම්බලමක් ද
ගණිකා මඩමක් ද
නොවන නිසාවෙන්
අනවශ්‍යයි
ඔ'වැනි රිදුම්
පලා යන්න
මගේ ප්‍රාණය
නිරුද්ධ
නොකොට
දුබල හද
මරා නොදමා
විගහින්...

මන්ද
උඹ
සමාව ඉල්ලන
සෑම විනාඩියකම
සමාව දීමට
මා වන සිවුපාවකු ද
නොවන හෙයින්... .. .

- PRABUDDHA M. WIJESINGHE -

පැටලුන ජීවිතය ...

පැටලුන ජීවිතය
ලිහන්නට
බැරිම හෙයින්
තවත් ගැට ගසයි
යාන්තමට
හැකි විලස
ජීවත් වන්නට
නොව
ජීවත් විය යුතු නිසා...

පනින්නට
පෙර සිතා
බැලිය යුතු උවද
දුප්පත්කම කියයි
ඔව් කියයි...

උඹ මාරයා
සමඟ සෙල්ලම්
කර යුතුම කියා
දෙවරක් නොසිතාම...

පැනපං ගාලු
කොටුවෙන්
ගල්පර ඇතුලටම
ජීවත්වන්නට නොව
ජිවත්විය යුතු නිසා... .. .

- PRABUDDHA M. WIJESINGHE -

අහිමි පෙමට ලියැවෙන කව්...


ආදරේ මට බයයි…


වාසිටිය...

#වාසිටිය

නවකවදය
පහත් ලිංගිකත්වය
සමාජවාදය
අතර රැඩිකල් වීමට
තතනන

30 බත් පැකට්ටුව කා
මුහුද ඉසින්නට
වෑයම් කරන්න
අපේ කාලයේ
කාඩ්බෝර්ඩ්
මානවක මානවිකාවෝ
පිරුණු
පිස්සන් කොටුවකි.

නූතන #වාසිටිය.

- PRABUDDHA M. WIJESINGHE -
නුඹ
පැමිණ
සැනින් ...

මුලු
ලොවට
හොරෙන් ...

සිත
රැගෙන
මගෙන් ...

නමුදු
බියයි
මේ තනි සිතට ...

නුඹ ...

දෝතින් ගත් මෙ'හද
විසි කරයි දෝ'හෝයි
හැගෙන විට
යටි සිතට ... .. .

- ප්‍රබුද්ධ එම්. විජේසිංහ -
පාලු සුසානයේ
මලගිය ප්‍රේමයේ
ඇටකටු සිඹිමින්
හඩාවැලපෙද් දී ...

පැමිණ දෑත්
දිගුකල නුඹ
සිතුවේ මා
සුරගනක්
ලෙසින් ...

දැන ගත්තේ
අදයි
මුලා කර
රුහිරය උරා බොන
මෝහිනිය බැව්
නුඹ ද ... .. ?

- P R A B U D D H A  M.  W I J E S I N G H E -
යාල් දේවියෙන්
නෑගම් යන්නට
දකුණින් උතුරට
පොල් කිරෙන්
තල් කිරට
කැවුම් කොකිසට
ඉට්ලි අග්ගලා
සාම්බාරුවෙන්
එකතුවන්නට
සහජීවනයේ
නව වසරකට ... .. .

- ප්‍රභූ එම්. -