Monday, March 28, 2016

ඇස් ඇරපන්..
හීන බැලුවා ඇති ඔය..
මතකයිද උඹ ආසයි කියපු..
ඒ සද්දේ?
ඔව්.. ෆෝ සිලින්ඩර් තමයි ඒ...
මතකද උඹේ ඒ කාලේ..
කොච්චර නන් තල්ලු කරන්න ඇත්ද?
කොච්චර නන් කික් කරන්න ඇත්ද?
කොච්චර නන් මහන්සි වෙන්න ඇතිද ඕකට නැගගන්න..
මතකද එදා වැටිලා සිග්නල් ලයිට් එක කුඩු උනා.
තාත්තට හොරෙන් බයික් එක ගෙනත් ඒ විදිහටම තිබ්බා?
අම්මට හොරෙන් තුවාලෙට බෙහෙත් දැම්මා?
ඒත්,
එදා උඹේ ඔය හිතේ තුවාලේ හොඳ උනේ නෑ නේද...

සතුටු වෙයන් උඹ ගැන
වෙන උන් කෙල්ලො පස්සේ යද්දි
උඹ පිස්සෙක් වගේ බයික් මත්තෙම නැහුනා..
ආසයි නේද බයික් පිස්සෙක් කියද්දී ?
වෙන උන්ට පිස්සු කියද්දී තරහ ගියාට
බයික් පිස්සෙක් කියද්දි හිතට එන ගැම්ම කොහොමද?
ජීවත් වෙන්න දැන් උඹට හුස්ම විතරක් ඇතිද?
අම්මගේ අතේ එල්ලිලා පාරෙ යද්දී පාරේ යන බයික් ගනන් කළේ,නම්බර් ප්ලේට් වල අකුරු ගැලපුවේ උඹ නෙවේද?
ඇයි එහෙනන් මේ
එදා ඒ හීන පස්සේ එලෝපු පොඩි එකාට මොකද උනේ..
උඹට බැරි නෑ.. ට්‍රයි කරපන්..
එදා දැකපු හීන රොත්ත පොදිය පිටින් වළලන්නද හදන්නේ..
මතක තියා ගනින්..
මේ ලෝකේ වාසනාවන්තයෝ ඉන්නේ ටික දෙනයි..
මොකද මේ ලෝකේ බයික් පිස්සෝ ටික දෙනෙක් ඉන්න නිසා..
ජීවත් වෙයන් උඹේ හීනේ වෙනුවෙන්..
මැරි මැරි ඉපදෙන්නේ නැතුව..
සතුටු වෙයන් දවසක ඔය ඇස් පනාපිට ඒ හීනේ ඇත්තක් වෙනකොට..
අන්න එදාට උඹ මතක් කරගනින් අර බෙහෙත් දාපු තුවාලෙට, කැඩුනූ ලයිට් එකට උඹ වටිනාකමක් දුන්නා කියලා..
තාත්තගේ රෝඩ්මාස්ටරේ ගාවට ගිහින් කියපන් ආයේ තුවාල වෙන්නේ නෑ, සිග්නල් ලයිට් කුඩු වෙන් නෑ කියලා..
එවෙලෙට උඹට මුල ඉඳන් අගට සේරම මතක් වෙයි..
අඬපන් කමක් නෑ..
හැබැයි... ඒ වැටෙන්න ඕනි උඹේ හීනේ ඡායාව ඒ සතුටු කඳුලු වල බොඳ වෙන ගමන්,.
ආදරේ කරපන් උඹේ හීනෙට..පනටත් වඩා...බලා ගනින් දරුවෙක් වගේ..
සලකපන් අම්මට තාත්තට වගේ..
උඹට වරදින් නෑ මචෝ..

Tuesday, March 15, 2016

පොෂ් බව
තමයි
උඹෙ ඔය
පුස් බව
අස්සෙන්
වනයි අත
කරුමෙට  ...

ගස්සන පුකට
තමයි
ආදරය කල්ලන්
වදින කොට
ගැම්මට
එපා වෙයි
උඹේ ඔය
ගස්සන පද්දන
පොෂ් පුක ...

ඇඩෙන විට තනි ඇහැට
හිර වෙයි ඩෙනිමට  ... .. .

- PRABUDDHA M. -

Monday, January 11, 2016

අදුරින් වැසුණු ලෝකයක ....

අදුරින් වැසුණු
ලෝකයක
කොයින් ද බං අර
දිව්‍යවිමාන ද
කාසි කාසි...
පස්සෙ දුවන
කලු කපුටන් අතරින්
හති අරිමින් දුවන
අපි කවුද....ද ... ද

ඇත්තෙ උපාධිය
කෑවෙ බැටන් පොලු
මෝඩය හයිබ්‍රීඩ් ළග...

අපි 2 ශ්‍රී

මොළේ විකාරයි
හීන ගාව මගෙ
හද වැලපෙයි අද
දෙතොලින් අදින්නෙ
විෂදුම මෙන්න
මේ නිසයි ...

නිදන්නෙ පැදුරේ
කොට්ටය මගෙ
කරුමය
අවුලක් නෑ නෙහ් බං
මන් ඉන්නෙ සැපේ ...

කන්න නැති උනත්
ලුණු කැද
ප්‍රශ්න නෑ මෙහෙ
කෙල්ලන්ට
අදින්නෙ ලෙගින්ස්
යන්නෙ සොයන් සොයන්
කාමර සුරසැපයට
මොණරට කොළයට
රුපියල් සතේට ඇද්දට
විස දුම කෙල්lee
දුන්නෑ පාවලා ආතමය
සල්ලාල - රස්තියාදුකර
අපි මෙන් උඹලා... .. .

- Prabu -

Tuesday, April 21, 2015

රෑ අදුරෙ
තනි රකින
අදුරු කුළුණු
ගරා වැටුණු
ගොඩනැගිලි
අතරින්
ගොම්මන
අතවන
සියොලග
නිරුවත්
කරන
රෑ කුමාරිකා පුෂ්පයන් ද ...

හෘද සාක්ෂිය
නිරුවත් කර
ප්‍රේමය දින
ගණනට
කුලියට දෙන
ඉහ මොළ කන
කෙල්ලන්ගේත්
කවර නම්
වෙනසක් ද?

- ප්‍රබුද්ධ එම්. විජේසිංහ -

Wednesday, April 15, 2015

පලා යන්න...

උඹට
අවැසි නම්
පිටමන් වීමට
පිටවන්න විගහින්
මගේ හදවතින්
රැගෙන නුඹේ
ලට ලොට්ට හා
ජරා ජීර්ණ නුඹේ
මතකය ද රැගෙන
දුර ඈතකට
යලි නොඑන්නටම
සදහටම...

මගේ හදවත
අම්බලමක් ද
ගණිකා මඩමක් ද
නොවන නිසාවෙන්
අනවශ්‍යයි
ඔ'වැනි රිදුම්
පලා යන්න
මගේ ප්‍රාණය
නිරුද්ධ
නොකොට
දුබල හද
මරා නොදමා
විගහින්...

මන්ද
උඹ
සමාව ඉල්ලන
සෑම විනාඩියකම
සමාව දීමට
මා වන සිවුපාවකු ද
නොවන හෙයින්... .. .

- PRABUDDHA M. WIJESINGHE -

පැටලුන ජීවිතය ...

පැටලුන ජීවිතය
ලිහන්නට
බැරිම හෙයින්
තවත් ගැට ගසයි
යාන්තමට
හැකි විලස
ජීවත් වන්නට
නොව
ජීවත් විය යුතු නිසා...

පනින්නට
පෙර සිතා
බැලිය යුතු උවද
දුප්පත්කම කියයි
ඔව් කියයි...

උඹ මාරයා
සමඟ සෙල්ලම්
කර යුතුම කියා
දෙවරක් නොසිතාම...

පැනපං ගාලු
කොටුවෙන්
ගල්පර ඇතුලටම
ජීවත්වන්නට නොව
ජිවත්විය යුතු නිසා... .. .

- PRABUDDHA M. WIJESINGHE -